පාර්ලිමේන්තුව ඇතුළතදී මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන පැහැරගෙන තර්ජනය කිරීම තරයේ හෙළා දකිමු.
17.05.2022
ගරු කථානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ
ගරු කථානායකතුමනි,
පාර්ලිමේන්තුව ඇතුළතදී මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන පැහැරගෙන තර්ජනය කිරීම තරයේ හෙළා දකිමු.
2022-05-17 (අද) දින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටතට පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් ඡායාරූපගත කරමින් සිටි මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර ගේ ජංගම දුරකතන දෙක පැහැරගෙන ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම අප සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.
ජංගම දුරකතන මගින් පාර්ලිමේන්තු වාර්තාකරණ කටයුතුවල නිරතවීමට ජනමාධ්‍යවේදීන්ට නිදහස ලබාදී ඇති වටපිටාවක මෙවැන්නක් සිදුවීම පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදයට බරපතල කළු පැල්ලමක් එක් කරන්නකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව ජනතා විරෝධයක් මතුවෙමින් තිබෙන් පරිසරයක මෙවැනි සිදුවීමක් ප්රජාතන්ත්රවාදය අපේක්ෂා කරන කිසිවෙකුට අනුමත කළ නොහැක්කකි. එමෙන්ම ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුව තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මාධ්‍යය වෙත කෙරෙන බලපෑම සුළුකොට තැකිය නොහැක්කකි. මේ කියාපානුයේ මැර දේශපාලනය තුළින් රට කරවීමට ජනතා නියෝජිතයන්ගේ ඇති කැමැත්තදැයි යන බලවත් සැකය අප තුළ ඇතිවේ.
මෙවැනි ක්‍රියා නැවත ඇතිනොවන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහෙයවන ලෙස අප ඉල්ලා සිටිමු. මන්ත්‍රීවරයෙකුට හිමිව ඇති බලය අයුතු ලෙස භාවිතා කළ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඔබගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අප දැඩි අවධානයෙන් සිටින්නෙමු.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්