මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
14.02.2022
කොළඹ
මාධ්‍ය නිවේදනය
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අවිගත් පිරිසක් විසින් පෙබරවාරි 14 දින අළුයම එල්ල කල බියගුළු මැර ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි.
මෙචැනි ප්‍රහාර වල අරමුණ වනුයේ මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල කරවා දූෂිතයින් හා වංචනික ක්‍රියාවල නිරත වන්නන් ආරක්ෂා වීම බව පැහැදිලිය. මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයන් එල්ල වූ ‘කළු ජනවාරිය’ සිහිකොට මසක් ගත වන්නටත් මත්තෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ජනමාධ්‍යය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක් ද විය හැකිය. එසේම මෙරට මාධ්‍ය සමාජයට එල්ල වූ දරුණු ප්රහාරයන්, ඝාතනයන් මෙන්ම අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවී ඇති පරිසරයක මෙවැනි ප්රහාරයන් තුලින් නැවත සිහි ගන්වනුයේ ඒ අඳුරු අතීතයම විය හැකිය.
පසු ගිය කාල පරිච්ඡේදය තුළ මාධ්‍යයට එල්ල කල සියළු ආකාරයේ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටීමද මෙවැනි ප්රහාරයන්ට එක් අතකින් ආශිර්වාදයක් විය හැකි බව අප සංගමයේ විශ්වාසයයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අදාල අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරවා ගැනීම වග කිවයුතු නීති අංශයන්ගේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතුය.
චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍යය භාවිතාව පිළිබඳව යම් පාර්ශවයකට ප්රශ්ණකාරී වන්නේ නම් එය මෙරට නීතියට අනුව අදාල අංශ වෙත පැමිණිලි කොට විසඳාගත යුතු තත්වයකි. එසේ නොකොට මාධ්‍යය නිදහසට බරපතල ප්රශ්ණකාරී තත්ත්වයන් ඇතිකරමින් සිදු කරනු ලබන මෙවැනි බියගුළු ප්‍රහාර අප සංගමය දැඩි ලෙස හෙලා දකින අතර එවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා මෙරට සහ ජාත්‍යන්තරවද සිදුකළ හැකි මැදිහත් වීම් සඳහා යොමු වීමට අප සංගමය පසුබට නොවන බවද සපථ කොට සිටියි.
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්