මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වා ගෙන් බලපෑම් 
17.03.2022
ඩලස් අලහප්පෙරුම මහතා,
ජනමාධ්‍ය අමාත්‍ය,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
පොල්හේන්ගොඩ,
කිරුළපන.
ගරු අමාත්‍යතුමනි,
මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වා ගෙන් බලපෑම්
2022.03.16 දින උදෑසන දුරකතන අංක 0772624202 ඔස්සේ තමා ඇමතූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා තමන් යෙදෙමින් සිටි මාධ්‍ය ආවරණ කටයුත්තකින් ඉවත්වෙන ලෙස බලපෑම් කළ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පැවසීය. තමන් හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානී රේනෝ ද සිල්වාගේ සොහොයුරා බවත්, අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකෙරෙන වැලි ජාවාරම් පිළිබඳ පටිගත කළ දර්ශන හිරු නාලිකාවට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසද තමන් හට පැවසූ බව රාහුල් සමන්ත පැවසීය.
රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු වුවද දුමින්ද සිල්වා යනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව මත නිදහස් වූ අයෙකු මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකි. එවන් පසුබිමක මාධ්‍යවේදී රාහුල් සමන්තට මේ ලෙස බලපෑම් කිරීම මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදියෙකු සතු නිදහස් වාර්තාකරණයේ අයිතියට අනිසි ලෙස සිදුකළ බලපෑමක් වන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අදහසයි.
අතීතයේ සිටම මෙවැනි සිදුවීම් පිළිබඳව අදාල අංශ දැනුවත් කර, වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද, ඒ කිසිවක් ඉටුනොවීම පිළබඳව අප සංගමයේ බලවත් කනස්සල්ල පලකරන අතර, එසේ නොවීම තුළ, මෙවන් සිදුවීම් වැඩි වැඩියෙන් සිදුවන බව ඉතා පැහැදිලි කරුණකි.
එබැවින් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මේ සම්බන්ධයෙන් සොයා බලා, යලිත් මෙවන් දේ සිදුවීම වැලක්වීම මෙන්ම මාධ්‍යවේදීන් හට නිදහසේ සිය වාර්තාකරණයන්හි යෙදීමට අවැසි පරිසරයක් ගොඩනැගීම සඳහා ද සුදුසු පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්