ලේක් හවුස් පාලනාධිකාරිය විසින් මංජුල සමරසේකර මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධවයි.
26/12/2021
ගරු ඩලස් අලහප්පෙරුම මහතා
ජනමාධ්‍ය අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යාංශය
කිරුළපන
කොළඹ 5
ගරු අමාත්‍යතුමනි,
ලේක් හවුස් පාලනාධිකාරිය විසින් මංජුල සමරසේකර මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධවයි
ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටි මංජුල සමරසේකර මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි.
ලේක් හවුස් පාලනාධිකාරිය විසින් 2021/11/25 දින කිසිදු හේතු දැක්වීමකින් තොරව මංජුල සමරසේකර මහතාගේ සේවය අත්හිටුවා ඇත. මෙකී සේවා අත්හිටුවීම තුළින් ඔහුගේ වෘත්තීයමය අයිතිවාසිකම් පාලනාධිකාරිය විසින් හිතාමතා කඩකර ඇති බව අප සංගමයේ විශ්වාසයයි. සේවය අත්හිටුවීමට හේතු වූ කරුණු මොනවාද යන්න මසක් ගතවීත් සේවකයාට නොදැන්වීම විමතියට කරුණකි.
අනපේක්ෂිත ලෙස මෙවැනි තත්ත්වයකට මාධ්‍යවේදියෙකු පත්කරලීම තුළින් ඔහුගේ සහ ආයතනයේ අනෙකුත් මාධ්‍යවේදීන්ගේද මාධ්‍ය නිදහසට ආයතන පාලනාධිකාරිය විසින් බරපතල තර්ජනයක් එල්ලකොට ඇති බව අප සංගමයේ අදහසයි.
මේ සම්බන්ධයෙන් මංජුල සමරසේකර මහතා අප සංගමය වෙත යොමුකර ඇති ලිපිය සහ ඒ සමග ඇමුණුමේ ඇති සේවය අත්හිටුවීමේ ලිපිය, ඔහු විසින් පාලනාධිකාරිය වෙත යොමුකර ඇති ලිපි දෙකක් ද මේ සමග ඔබගේ දැනගැනීම සඳහා යොමු කරමු.
සේවය අත්හිටුවීමට හේතු වූ කරුණ කුමක්ද යන්න පවා දැනගැනීමට නොහැකි වූ පරිසරයක මංජුල සමරසේකර මහතාට සාධාරණය ඉටුකර දී නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සඳහා මැදිහත් දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
පිටපත් : ගරු නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු අමාත්‍ය, කම්කරු අමාත්‍යාංශය
ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා, සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ, ලේක් හවුස්
මංජුල සමරසේකර මහතා