077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි
22.12.2021
සී.ඩී. වික්‍රමරත්න මහතා
පොලිස්පති
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය
කොළඹ 01
මහතාණෙනි,
077 3037462 දරණ දුරකතන අංකයෙන් දිගින් දිගටම ලැබෙන සැකකටයුතු ඇමතුම් සම්බන්ධවයි
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමානයේ විධායක කමිටු සභිකයෙකු මෙන්ම ‘අනිද්දා’ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ ප්රවෘත්ති කතෘ ද වන ලසන්ත රුහුණගේ මහතා වෙත ඉහත සඳහන් දුරකථන අංකයෙන් 01/11/2021 දින සිට 21/12/2021 දින දක්වා සැක කටයුතු මගහැරුණු ඇමතුම් (missed calls) 16ක් ලබා දී ඇත. මෙලෙස ලැබෙන missed calls සඳහා නැවත ඇමතුම් ලබාගත්තද ඊට ප්‍රතිචාර නොදැක්වීම ගැටළු සහගතය.
මෙවැනි දුරකතන ඇමතුම් ජනමාධ්‍යවේදීන් රැඳී සිටින ස්ථාන සොයා බැලීම සඳහා සහ ඔවුන්ව බිය ගැන්වීම සඳහා ඉතිහාසය පුරා භාවිතාකළ බව අප දන්නා කරුණකි. ජනමාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා මෙරට සිදුවූ ප්‍රධාන ගණයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ‘රාවය’ සහ ‘අනිද්දා’ පුවත්පත් වලට ගවේෂණාත්මක ලිපි සැපයූ මාධ්‍යවේදියෙකු වන අතර මෙම දුරකතන ඇමතුම් මගින් ඔහුගේ ජනමාධ්‍ය භාවිතයට යම් තර්ජනයක් සිදුකිරීම අරමුණු වී ඇතැයි අප තුළ සැකයක් මතුව පවතී.
මෙවැනි තත්ත්ව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බෙහෙවින් බලපෑම් ඇතිකරවන අතර මෙය ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජන ඇතිකරවන්නක් බවද සිහිපත් කරමු.
මෙම සැකකටයුතු දුරකතන අංකය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ඊට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරවන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
පිටපත් : ඩලස් අලහප්පෙරුම මහතා, ජනමාධ්‍ය අමාත්‍ය
ලසන්ත රුහුණගේ, නියෝජ්‍ය කතෘ සහ ප්රවෘත්ති කතෘ – අනිද්දා පුවත්පත