2022 වසරේ ගෝල්ෆේස් විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් මුහුණ දුන් අභියෝග ; පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම
2022 වසරේ ගෝල්ෆේස් විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් මුහුණ දුන් අභියෝග පිළිබඳව වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පර්යේෂණ කණ්ඩායමක් ලවා අධ්‍යයනයක් සිදු කළේය.
මෙම පර්යේෂණය සිඳු කරනු ලැබුවේ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය රජ්නි ගමගේ සහ ස්වාධීන පර්යේෂණ කණ්ඩායම් වන හරීන්ද්‍ර බී දසනායක , අපර්ණා හෙට්ටිආරච්චි යන පර්යේෂකයින් විසිනි.
මෙම පර්යේෂණය මගින් 2022 මාර්තු 30 සිට අගෝස්තු 31 දක්වාකාලය තුළ සිදු වූ සිඳුවීම් ආවරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හට බොහෝ කලක පටන් සේවය කිරීමට සිදුව ඇත්තේ සමාජ , දේශපාලන අස්ථාවරත්වයන් ඉහළ පරිසරයකය.
මෙම පරයේෂණ වාර්තාව තූළින් ශ්‍රී ලංකාව තූළ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර ඒ සඳහා සමාජයේ විවිධ ස්තරයන් එක්ව කටයුතු කිරීම ද වැදගත් බව පැහැදිලි කර තිබේ. විශේෂයෙන් ආරක්ෂක අංශ සහ මාධ්‍යවේදීන් අතර විශ්වාසයක් ගොඩ නඟා ගනිමින් ගැටුම් වාර්තා කරණයේ දී දෙපාර්ශවයම කටයුතු කිරීම තුළින් හානිය අවම කර ගත හැකිවනු ඇත.
පර්යේෂණ වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා විසින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත 2023 / 04/ 03 දින පොලිස් මූලස්ථානයේ දී භාරදීම සිදුවුණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව , පර්යේෂක හරීන්ද්‍ර බී දසනායක සහ වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වැඩ බලන ලේකම් එස්. නිශාන්තන්, භාණ්ඩාගාරික ටී. නඩරාසා, කමිටු සාමාජික ලක්ෂ්මන් මුතුතන්තිරිගේ යන මහත්වරුන්ද එක්වූහ.


