නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම
කර්තෘ/ප්රවෘත්ති කර්තෘ/ප්රවෘත්ති සංස්කාරක
මේ සමඟ ඇති අප සංගමයේ නිවේදනය ඔබ පුවත්පතේ/ගුවන් විදුලියේ/රූපවාහිනී නාලිකාවේ/ වෙබ් අඩවියේ ප්‍රචාරය කර සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි
දුමින්ද සම්පත්
සභාපති
නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම 2023 දෙසැම්බර් 31 දක්වා සිදු කිරීමට තීරණය කර ඇත.
සාමාජිකත්වය ලබා ගැනීමට උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන්ට අප සංගමයේ වෙබ් අඩවිය වන අඅඅගිකඅදරනසබටවදමරබ්කසිඑ?ටප්සකගජදප වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කිරීමට හැකිය.
සාමාජිකත්වය අලුත් කිරීමට අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඒ සඳහා පහත සඳහන් අංකවලට අමතා විස්තර ලබාගත හැකිය.
දුමින්ද සම්පත් 0773 181 731
ටී නඩරාසා 077 977 69 79
එස් නිශාන්තන් 077 907 65 32

IFJ International Day to End Impunity for Crimes Against Journalists November 2
IFJ International Day to End Impunity for Crimes Against Journalists #November 2
ජනමාධ්‍යයට එරෙහි අපරාධ කරුවන් සම්බන්ධයෙන් දණ්ඩමුකිතිය අවසන් කරමු.
ஊடகங்களுக்கு எதிரான குற்றவியல் தண்டனை வழங்குவதை நிறுத்துவோம்.



තවදුරටත් ජනමාධ්‍යය මර්ධනයට,ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහුරන්න ඉඩදෙන්නේ නෑ-දුමින්ද සම්පත්
සටහන : ෆ්රෑන්ක් ද සොයිසා,
තවදුරටත් ජනමාධ්‍යය මර්ධනයට, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහුරන්න ඉඩදෙන්නේ නෑ.
ආණ්ඩුවේ අනීතික අත් අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය මර්ධනයට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් 2022-07-28 දින සංගම් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා එසේ පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වලට විසඳුම් ලබා දීමට පැවති රජය අපොහොසත්වීම හේතුවෙන් ජනතාව තුළ ඇතිවූ පීඩනය අරගලයක් බවට පෙරළී, සාමකාමී ජන අරගලයක් ලෙස ගෝල්ෆේස් පිටියේ ස්ථාපිත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවූ අතර 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාට සිය තනතුර අතහැර රටින් පළායෑමටද සිදුවූ බවය.
ඉන්පසු ඇතිවුණ ව්‍යවස්ථාමය තත්ත්වයන් මගින් නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු රාජ්‍ය මර්ධනය ජනතාව මත මුදාහරිමින් අනීතික ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් සහ පහරදීම් සිදුවෙන බවත්, ඒවා වාර්තාකරණයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, විශේෂයෙන් නව මාධ්‍යය භාවිතාකරන මාධ්‍යවේදීන් ඉතා දරුණු ලෙස හිරිහැරයට ලක්වෙන බවත් දුමින්ද සම්පත් මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා චෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සැමවිටම මේ රටේ ප්රජාතන්ත්රවාදය, ජනමාධ්‍ය නිදහස සහ පුරවැසියන්ගේ ප්රකාශනයේ හා භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ හේතුවෙන් සංගමයේ හිටපු නිළධාරීන්ට අනේක විධ දුක් ගැහැට වලට මුහුණදීමට සිදු වූ බවත් බොහෝ දෙනෙක් රට හැර යන තත්ත්වයට පත් වූ බවත් පැවසූ සභාපතිවරයා, මාධ්‍යය මර්ධනය ඉතා දරුණු ලෙසින් සිදුවෙන මේ මොහොතේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය හරහා ආණ්ඩුවේ අනීතික ක්‍රියාවන් පිළිබඳව ලෝකය දැනුවත් කිරීමටත්, ඒ හරහා ජනමාධ්‍යවේදීන්ට හා රටේ පුරවැසියන්ට සාධාරණය ඉටුකිරීමට අවශ්‍ය සියළු මැදිහත්වීම් සිදුකරන බවත් පැවසීය.
සංගමයේ ජාතික සංවිධායක ශාන්ත විජේසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ රාජපක්ෂ රෙජීමය රට පාලනය කරන අවධියේ යුද්ධයට මුවා වී උතුරේ ජනතාව මෙන්ම ජනමාධ්‍යවේදීන් විශාල වශයෙන් ඝාතනයට ලක්වූ බවය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීම වැනි සිදුවීම් සෙවීමට පරීක්ෂණ පැවැත්වීම සඳහා කොමිසම් පත්කළත් එම සිදුවීම් වලට වගකිවයුතු හමුදා නිළධාරීන්ට හෝ දේශපාලනඥයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, රාජපක්ෂ ආණ්ඩු කාලයන් තුළ සිට මිනිසුන්ගේ සිත් තුළ කැකෑරුණු විරෝධය විසින් මේ රටේ විධායක ජනාධිපතිවරයෙකු ගෙදර යැවූ බවත් ඔහු පැවසීය.
පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදාව යොදවා අරගල භූමියේ සිටි ආබාධිත සෙබලුන්, ආබාධිත පුරවැසියන්, කාන්තාවන්, දරුවන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට පහර දුන් බවද, එසේ පහරදුන් සෙබළුන් අතර පැරා මිලිටරි කණ්ඩායමක් සිටි බවට බරපතල සැකයක් මතුවී ඇති බවද හෙතෙම පැවසීය.
ගාළු මුවදොර අරගලය ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවති ඉතාම අවිහිංසක අරගලය වන අතර, අරගල කරුවන් ඉල්ලා සිටින ‘ක්රමයේ වෙනස’ සිදුකිරීමෙන් මෙම ප්‍රශ්ණය නිරාකරණය කරගත හැකි බවද ශාන්ත විජේසූරිය මහතා පැවසීය.
සංගමයේ භාණ්ඩාගාරික ටී. නඩරාසා මහතා දමිල බසින් මාධ්‍යය හමුව ඇමතූ අතර, කමිටු සාමාජික අසන්ත බණ්ඩාර මහතාද මේ අවස්ථාවට එක්විය.
ඡායාරූප : සජිත්